කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් මාර්ගය අද (04) සිට ලබන 20 වනදා දක්වා තාවකාලිකව වසා දමන බව පොලීසිය පවසයි.
ඒ නව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙනි.
ඒ අනුව පෑලියගොඩ වටරවුම අසලින් කටුනායක දෙසට ගමන් ගන්නා රියැදුරන් එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්න ලෙස පොලීසිය ඉල්ලා සිටි.
කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ වාහන සුපුරුදු පරිදි ගමන් කළ හැකි අතර මාර්ගයට ඇතුලුවීමට සහ පිටවීමට වෙනත් පිවිසුම් භාවිත කළ හැකි බව ද පොලීසිය සඳහන් කළේ ය.