Home දේශීය පුවත් අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොණරාගල

අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොණරාගල

0
අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොණරාගල

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි -අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වගා සංවර්ධන කලාප අපනයන වැදගත්කමක් ඇති බෝග ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොණරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට තෝරාගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ඒකකය විසින් මෙම කටයුතු ක්‍රියාත්මක කරන අතර දැනට පළමු අදියර යටතේ අන්නාසි වගා සංවර්ධන කලාප සඳහා මැදගම මැල්ලගම ප්‍රදේශයේ අක්කර 37ක් සහ වැල්දොඩම් වගා සංවර්ධන කලාපය සඳහා බුත්තල පැලවත්තේ අක්කර 37කුත් යොදාගෙන තිබේ.

මෙම වගා කලාප දෙකේ වැඩකටයුතු ආරම්භ කිරීම හෙට (13) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දී සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here