වතු කම්කරුවන් ඉල්ලීම් ඉල්ලා උද්ඝෝෂණයක

Share

තම මුලික වැටුප රු 1000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම අදත්(22) උද්ඝෝෂණ ව්‍යාපර වල නිරත විය.

නොර්වුඩ් පොලිස් වසමට අයත් කිව් වතු යායේ වතු කම්කරුවන් කළු කොඩි අතැතිව හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් කිව් වත්ත ප්‍රදේශයෙන් අද පැයක පමණ කාලයක් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.

උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් අවධාරණය කර සිටින්නේ තමන්ට දැනට වතු සමාගම්වලින් දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම් කටයුතු කළ යුතු බවයි.

Read more

Local News