පළාත් කිහිපයකට සවස 2.00න් පසු තද වැසි

Share

දිවයින අභ්‍යන්තරයේ සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර පසුව එම වැසි වයඹ, බස්නාහිර සහ දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැක.

වයඹ, බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News