රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124 න් 123 ක ඔවුන්ගේ කටහඬ ඇතුළත් බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා තොරතුරු අනාවරණය කළේය.
ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ සිදු කළ දුරකතන සංවාදයක් උපුටා දක්වමින්ය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කළ අතර අදාළ දුරකතන සංවාදය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාගේ කටහඬ සාම්පල් ලබා ගැනීමට ද පියවර ගත්තේය.
කෙසේ වෙතත් හඬ පට 124 න් 123ක් නාලක ද සිල්වාගේ හා නාමල් කුමාරගේ බවට අනාවරණය වු බව අද(23) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් අද සිව්වෙනි දිනටත් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන අතර, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නීතිමය කටයුතු සිදු කරන බව ද අධිකරණය දන්වා තිබේ.



