රෝෂාන්ට උණ්ඩ දුන් හමුදා නිලධාරීන් 3ක් අත්අඩංගුවට

Share

ජීව උණ්ඩ සමඟ ඉකුත් 21දා සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට ගත් පාතාල ක්‍රියාකාරිකයකු වන ලඩ්ඩු රෝෂාන් නමැත්තාට උණ්ඩ ලබා දීමේ චෝදනාව මත, සැකපිට හමුදා සාමාජිකයින් 3කු සියඹලාණ්ඩුව පොලිසිය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 21දා වැල්ලවාය දෙසට ධාවනය වු වෑන් රථයක ගමන්ගත් සැකකරුවෙකු ගමන් මල්ලේ තිබී ටී-56 ගිනි අවි සඳහා භාවිතා කරන පතරොම් 2958ක් සහ පිස්තෝල අවි සඳහා භාවිතා කරන මිලිමීටර 9 වර්ගයේ පතරොම් 32 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ලද්දු රෝෂාන් යන අය බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වා තිබේ.

ඒ අනුව ඊයේ(24) දිනයේ දී පදවි පරාක්‍රම පුර යුද හමුදා කඳවුරේ දී සියඹලාණ්ඩුව පොලීසිය මඟින් මෙම සිද්ධිය සම්බන්ධ මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සියඹලාණ්ඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News