හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේදී ඝාතනය කර තිබේ.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතන සිදු ව ඇතැයි පොලීසිය පැවසීය.
22 හා 37 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු එළෙස ඝාතනයට ලක් ව ඇත.
ජල්තර ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරමින් සිටි 22 හැවිරිදි තරුණයා ඊයේ පස්වරු 5.20 ට පමණ ඝාතනයට ලක් ව ඇති අතර අනෙක් 37 හැවිරිදි පුද්ගලයාව ඝාතනය කර ඇත්තේ රාත්‍රි 9.20 ට පමණය.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.