තුනෙන් දෙකක බලය තියෙන ආණ්ඩුවක් හදන බව අකිල කියයි

Share

එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු න්ද එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (29) පැවසීය.

අරලියගහමන්දිරයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

මේ වන විට රටේ නීතීය කඩමින් ක්‍රියා කරන අයට ඉදිරියේදී දඩුවම් විදීමට සුදානම් වන ලෙසද එහිදී ඔහු පැවැසිය.

එමෙන්ම හෙට (30) ලක්ෂ ගණනින් කොළඹට ජනතාව ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හඩ නඟන බව පැවැසූ හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට හෙට දහවල් 12 ට ලිප්ටන් වට රවුමට එන්නැයි ජනතාවට ආරාධනා කළේය.

Read more

Local News