මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණය කල් දැමීම සම්න්ධයෙන් පුරවැසියෙකු ලෙස කනගාටු වන බව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ අද(29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
2017ට සාපේක්ෂව 2018 ඡන්ද හිමින් ගණන 230650ක් පමණ වැඩි වීමක් ඇති බවත් මේ වන විට 2018 ඡන්ද හිමි නාම ලේඛණය සකසා අවසන් කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දෙයි.
මේ අතර පසුගිය 11 දා පැවති පක්ෂ නියෝජිතයන්ගේ හමුවේදී මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඔවුන් ද අකමැත්ත ප්‍රකාශ කළ බව සභාපතිවරයා සඳහන් කළේය.



