මරණීය තර්ජන එල්ල කරමින් ව්‍යාපාරිකයෙකු බියවද්දා කප්පම් මුදල් ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු වරකාපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
තමන් සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඟවමින් ඔවුන් විසින් අදාළ ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දරුවන් ඝාතනය කරන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමට උත්සාහ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි සහ 40 හැවිරිදි මීරිගම සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



