ඩුබායි සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය මැතකදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යා දත්ත අනුව ඩුබායි නුවර ජනගහනය මිලියන තුන (03) ඉක්මවා ගොස් ඇති බව තහවුරු වේ.
සංඛ්‍යා දත්තවලට අනුව මේ වසරේ ජනගහනය 3,136,400ක් වේ. පසුගිය වසරට(2017) සාපේක්ෂව මේ වසර තුළ 7.7%ක වර්ධනයක් වාර්තා වේ.
ඩුබායිනුවර ජනගහනය කාර්ය බහුල වේලාවන්වලදී 4,291,400 දක්වා ඉහළ යන බව ඩුබායි සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




