තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතින් ඉස්තාන්බුල් නුවර නව ගුවන්තොටුපොළ විවෘත කෙරුණි.
ගුවන්තොටුපොළේ සියලු ඉදිකිරීම් අවසන් වීමට නියමිතව ඇත්තේ 2028 වසරේදීය.ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ අදියර කිහිපයකින් ඉදිකෙරෙයි. විවෘත කෙරුණේ පළමු අදියර යටතේ ඉදිකෙරුණු ගුවන්තොටුපොළය. ඉදිකිරීම් කටයුතු සියල්ල සම්පූර්ණ වීමෙන් පසු මෙය ලොව විශාලතම ගුවන්තොටුපොළ අතරට එක් වනු ඇතැයි පැවැසෙයි.
තුර්කිය 29 වැනිදා ඔවුන්ගේ ජාතික දිනය සැමරුවේය. ගුවන්තොටුපොළ විවෘත කිරීම සිදුවූයේ ද ඊට සමගාමීවය.ගුවන්තොටුපොළ විවෘත කිරීමේ විශේෂ උත්සවයට රටවල් 18 කින්, විශේෂ නියෝජිතයන් සහ රාජ්ය තාන්ත්රික නිලධාරීන් 50 කට වැඩි පිරිසක් සහභාගී වූහ.




