හෙරොයින් ලඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බොරැල්ල, කොහුවල සහ කෙසෙල්වත්ත ප‍්‍රදේශවලදී.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි හා 31 හැවිරිදි පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වෙයි.
බොරැල්ල, ටී 20 වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 20ක් සමග 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 90ක් සමඟ 45 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් හා සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.