දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදයක්

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් අතුරුගිරිය කොතලාවල සහ කඩුවෙල පිටවීමේ දොරටු භාවිත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර අද පස්වරුවේ පැවැත්විමට නියමිත ජන මහිමය රැලිය සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා බස් රථ විශාල සංඛ්‍යාවක් පැමිණෙන අතර මේ හේතුවෙන් රථ වාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.

Read more

Local News