Home දේශීය පුවත් හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

0
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 60ක් සමඟ සැකකරුවෙක් මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බව පොලීසිය සඳහන් කරයි.

මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ තිබී මෙම හෙරොයින් සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 51 ක් වු කඩොල්කැලේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අද(07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here