මන්නාරම් සමූහ මිනිස් වලේ සිරුරු ඇමෙරිකාවට

Share

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් ඇති සමූහ මිනීවලේන් සිදු කරන ලද  කැනීම් තුළින් අද (07) උදෑසන වන විට සිරුරු ඇටසැකිලි 232 ක් හමුවී ඇති බව කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 102 වන දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 232න් සම්පූර්ණ සිරුරු කොටස් 224 කට අදාළ සිරුරු අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවයි.

මෙම අස්ථි කොටස් වල කාල නිර්ණය සඳහා පරීක්ෂණ කිරීමට අසථි ඇමරිකාවට යැවිමට සුදානම් බවත් ඔහු සඳහන් කළේය.

 

 

Read more

Local News