ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ අද (14) රැස්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පවසයි.
ඒ අනුව ඉකුත්දා පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලය ද සැලකිල්ලට ගනිමින් සභාවේ ආසන වෙන් කිරීම සිදු කෙරෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේය.