කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂය අද (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කළේය.
කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කළ හැකි වුවද, ඊට පෙර විසඳාගතයුතු මූලික ප්‍රශ්න රැසක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව අවධානය යොමු කරනා බව මාධ්‍යවේදියකු කළ විමසුමට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.