එන්ජිමක් නැති දුම්රියක් අද අත්හදා බලයි

Share

එන්ජිමක් නොමැතිව ස්වයංක්‍රීය පද්ධතියකින් පාලනය වන විදුලි දුම්රියක් ඉන්දියාවේ අද අත්හදා බැලීමට නියමිතය.

ඉන්දීය රුපියල් කෝටි 100ක් වැය කරමින් මෙම දුම්රිය චෙන්නායි හි දුම්රිය කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කර ඇති අතර, ඉන්දියාවේදී මුළුමනින්ම නිපද වූ ප්‍රථම දුම්රිය ද මෙයයි.

මුළුමනින්ම වායු සමීකරණය කළ මැදිරි 18කින් සමන්විත මෙම දුම්රිය නම් කර ඇත්තේ ට්‍රේන් එයිටීන් ලෙසයි.

එය පැයට කිලෝමීටර් 160ක වේගයකින් ධාවනය කළ හැකි අතර, ලබන වසරේ සිට පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනෙනු ඇති.

ඉදිරි මාස 18ක කාලය තුළ මෙවැනි දුම්රිය 4ක් නිපදවීමට නියමිත බව ඉන්දීය දුම්රිය පාලක මණ්ඩලයේ සභාපති අශ්වානි ලොහානි ප්‍රකාශ කළා.

Read more

Local News