Home දේශීය පුවත් ඉන්ධන ප්‍රවාහන දුම්රිය වැඩවර්ජනය අවසන් වෙයි

ඉන්ධන ප්‍රවාහන දුම්රිය වැඩවර්ජනය අවසන් වෙයි

0
ඉන්ධන ප්‍රවාහන දුම්රිය වැඩවර්ජනය අවසන් වෙයි

කොලොන්නාව හා ඔරුගොඩවත්ත අතර ධාවනය වෙමින් තිබු ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය එංජිමක් නවතා ප්‍රදේශ වාසින් විසින් දුම්රිය රියදුරට සහ සහයකට පහර දි තිබෙන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම්, ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

මේ හේතුවෙන් සියලුම ඉන්ධන ප්‍රවාහන කරන දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත විය.

එ් අනුව ඉන්ධන ප‍්‍රවාහන දුම්රිය රියදුරන් ඊයේ පස්වරුවේ සිට ආරම්භ කළ වර්ජනය අද උදෑසන 10 ට අවසන් කෙරුණි.

තමන් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොල වෙත ධාවනයවීමට තිබූ ඉන්ධන දුම්රිය 3 ක් ද අවලංගු කෙරුණු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here