ගම්මාන කීපයකට කළු වැස්සක්

Share

වැලිකන්ද රුවන්පිටිය ඇතුළු ගම්මාන කීපයකට ඊයේ (26) කළු පැහැති වර්ෂාවක් ඇද හැළුණු බව ප්‍රදේශවාසීහූ පවසති.

ගම්වාසීන් පානීය ජලය ලෙස වැහි වතුර වතුර එකතු කරන අතර ඊයේ දිනයේ එසේ භාජනවලට එකතු වූ වැහි වතුර කළු පැහැයක් ගත් බව ගම් වැසියෙක් පැවැසීය.

පසුව එම භාජන සෝදා නැවතත් වැහි ජලය පිරීමට තැබූ බවත් එහිදීත් කළු පැහැති ජලය එකතු වූ නිසා කෝප්පයක් වැස්සට අල්ලා වතුර පුරවා බැලූ විට එම ජලයද කළු පැහැයක් ගත් බවත් එම ගැමියා පැවැසීය.

ඊයේ උදෑසන සිට පස්වරුව දක්වා ඇද හැලුනු වර්ෂාව මෙලෙස කළු පැහැ ගැනීවී තිබූනූ බව ගම් වාසීහූ පැවැසීය.

Read more

Local News