මිගමුව – හලාවත ප්රධාන මාර්ගයේ වලහපිටිය ප්රදේශයේදී සුඛෝපබෝගී මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇලකට පෙරලීයාමෙන් අද (29) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පොලිසිය සඳහන් කළේ යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය හැමිල්ටන් ඇළට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබුවන් මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර අද පස්වරු 3.10 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මියගොස් ඇත්තේ යාපනය ප්රදේශයේ පදිංචි කාන්තාවන් පිරිසකි.
මාරවිල පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.