යතුරුපැදියේ සාරිය පැටලී කාන්තාවක් මරුට

Share

සැමියා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය බිරිඳගේ සාරිය යතුරුපැදියේ පිටුපස රෝදයේ පැටලීමෙන් බිම ඇඳ වැටී බරපතල තුවාල ලැබු බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ.

මොරවක නෙළුව මාර්ගයේ කළුබෝවිටියන නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදු වී තිබේ

අනතුරෙන් කාන්තාවගේ හිසට බරපතල තුවාල සිදු වී ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

මිය ගිය කාන්තාව 36 වැනි වියේ පසුවූ තන්තිරිමල්ල පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියක්. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය අද (02) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්විමට නියමිතය.

Read more

Local News