මත් ටොෆි, චොක්ලට් ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි

Share

මත් ටොෆි හා මත් චොක්ලට් තොගයක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (20) සවස වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලීසිය සඳහන් කරයි.

පොලීසිය පවසන්නේ පොලීසියට ලද තොරතුරක් මත කුඩා ලොරි රථයකින් අදාළ මත් ටොෆි හා චොකලට් ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. එම සැකකරු වරකාපොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු වෙයි.

පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අදාළ ජාවාරම සිදුකොට ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරු සතුව තිබි මත් චොකලට් පෙට්ටි 32 ක් හා පැන්සල් මාදිලියේ මත් ‍ටොෆි පෙට්ටි 25 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

Read more

Local News