O/L උත්තර පත්‍ර ඇගයීම හෙට සිට

Share

සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයිම් පළමු අදියරේ කටයුතු හෙට(23) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදියර දෙකක් යටතේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරිමට නියමිතයි.

ඒ අනුව හෙට සිට 2019 ජනවාරී 1 වන දා දක්වා ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 84ක පිළිතුරු පත් ඇගයිම් සිදු කරනු ලබයි.

දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ජනවාරි මස 08 වන දින සිට 17 වන දින දක්වා සිදු කිරිමට සැලසුම් කර තිබේ.

ඇගයීම් මණ්ඩල 1780ක දී පරීක්ෂකවරුන් 30,000කගේ පමණ සහභාගීත්වයෙන් ඇගයීම් කටයුතු සිදු කරනු ලබයි.

Read more

Local News