ඉන්ධන මිල සූත්‍රයට අනුව සංශෝධිත නව ඉන්ධන මිල ගණන් අද(11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙයි.
සෑම මසකම ඉන්ධන මිල ගණන සංශෝධනය වන අතර පසුගිය මස 10 වනදා ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණි.
ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.