එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකවරුන් 06 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රධානය අද(11) දින අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.
මෙහිදී ප්රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායක ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව සංවිධායක ලෙසත්, ලලිත් දිසානායක මහතා අරණායක නව සංවිධායකවරයා ලෙසත්, තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර ආසන සංවිධායක ලෙසත්, මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත්, ඩී. එම්. යූ. බී. විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කරන ලදී.