Home දේශීය පුවත් පාසල් සිසුන් රැගෙන විනෝද චාරිකාවක් ගිය බස් රියක් අනතුරක

පාසල් සිසුන් රැගෙන විනෝද චාරිකාවක් ගිය බස් රියක් අනතුරක

0
පාසල් සිසුන් රැගෙන විනෝද චාරිකාවක් ගිය බස් රියක් අනතුරක

අම්බලන්තොට, දෙහිගහලන්ද ප්‍රදේශයේදී පාසල් ළමුන් පිරිසක් රැගත් විනෝද චාරිකාවක් යමින් සිටි පුද්ගලික බස්රථයක් අනතුරට ලක්ව ඇත.

අද(19) උදෑසන 08.30 පමණ සිදුවු මෙම අනතුරින් පාසල් ළමුන් 13 දෙනෙකු පමණ සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවටයි වාර්තා වන්නේ.

අදාළ විනෝද චාරිකාවක යමින් සිටි පාසල් ළමුන් පිරිසක් රැගත් පුද්ගලික බස්රථය ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු ඇත.

අනතුරට ලක් වූ බස් රථ දෙකම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස් රථය මගියෙකු ගැනීම සඳහා එකවර බස් රථය නතර කරන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයකි.

අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකුද සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබේ.

අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here