ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න

Share

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙම ඉල්ලීම සිදුකර තිබේ.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ, මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජලය නොලැබෙන බවයි.

Read more

Local News