එරාවූර් අයියන්කේනී ප්රදේශයේ දී ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මඩකලපුව කොට්ඨාශ බුද්ධි නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදි ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කඩු දෙකක් සොයාගෙන තිබේ.
සැකකරු 21 හැවිරිදි අයියන්කේනී ප්රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
ඔහු අද(09) එරාවූර් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.