Home විදෙස් පුවත් අමෙරිකාවේ ප්‍රදේශ කීපයකට දැඩි හිම පතනයක්

අමෙරිකාවේ ප්‍රදේශ කීපයකට දැඩි හිම පතනයක්

0
අමෙරිකාවේ ප්‍රදේශ කීපයකට දැඩි හිම පතනයක්

අමෙරිකාවේ මධ්‍යම තැනිතලාවට ඊයේ(11) ප්‍රබල කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ සමඟ ඇතැම් ප්‍රදේශවල දැඩි හිම පතනයක්ද දක්නට ලැබුණු බවට වාර්තා වෙයි.

කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ලවී තිබුණේ නෙබ්‍රෙස්කා, දකුණු ඩකෝටා, මිනසෝටා, විස්කොන්සින් යන ප්‍රාන්තවලටයි.

මිචිගන් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට සහ උතුරු ඩකෝටා යන ප්‍රාන්තවලටත් ඉන් බලපෑම් සිදුව තිබේ.

ඇතැම් ප්‍රදේශවලදී කුණාටුව පැයට සැතපුම් 70ක පමණ වේගයකින් හමා ගිය බව එරට කාලගුණ වාර්තා සඳහන් කළේය.

කුණාටුව මධ්‍යයේ විදුලි කණු කඩාවැටීම් කිහිපයක් වාර්තා වෙයි.

අයහපත් කාලගුණයේ බලපෑමෙන් ගුවන් ගමන් වාර රැසක්ද අවලංගු කර ඇති අතර අනෙකුත් ප්‍රවාහන කටයුතු වලටත් බාධා මතුවී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here