Home දේශීය පුවත් අදත් සවස් කාලයේ තදවැසි

අදත් සවස් කාලයේ තදවැසි

0
අදත් සවස් කාලයේ තදවැසි

පවතින ප්‍රභල අකුණු සමඟ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයක්ද උතුරු මැද පළාතෙත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයක්ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here