කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල නගරය ආසන්නයේ දී මෝටර් රථයක ගැටී පදිකයෙකු මියගොස් තිබෙන බව පොලීසිය පැවසීය.
අනතුරින් බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි කොස්ගම ප්රදේශයේ පදිංචි අයෙක්.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.