Home දේශීය පුවත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනෙකුට පත්වීම් හෙට

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනෙකුට පත්වීම් හෙට

0
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනෙකුට පත්වීම් හෙට

අලුතෙන් බඳවා ගනු ලැබු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (15) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන උත්සවයකදී සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අතින් සිදු කෙරේ.

මෙම පත්වීම් ප්‍රදානයෙන් පසුව මේ මස 21 වැනි දින සිට ධනාත්මක චින්තනය සහ නායකත්වය පිළිබඳ සති 3 ක නේවාසික පාඨමාලාවක් ශ්‍රී ලංකා යුදහමුදාව සමඟ සම්බන්ධ වී මූලස්ථාන 14කදී ක්‍රියාත්මක කිරීමට ද එම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here