පිිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළට

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

විදේශිකයින් 38 දෙනෙකු ද මිය ගොස් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News