ස්ථාන අටකදී සිදු වූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් ඊයේ(23) රාත්‍රියේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙක් ද, බේරුවල පොලිස් වසමේ කන්කාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙක් ද, කටාන කටුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ප්‍රහාර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සහ අදාළ පරික්ෂණ කටයුතු සිදු කරන බව පොලීසිය පවසයි.