ධීවරයින්ට, නාවිකයින්ට අවධානම් නිවේදනයක්

Share

සමකය ආසන්න නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට(25) සිට මෙම තත්ත්වය ඇති විය හැකි බව ද සඳහන් වෙයි.

ඒ අනුවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් මහජනතාවට, ධීවර හා නාවිකයින්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින්නයි දන්වයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇති විය හැකියි.

Read more

Local News