නුවරඑලිය, හාවාඑළිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බෝක්කුවක් මත තිබී ඩෙටනේටර් 198ක් හමු වී ඇත.
නුවරඑලිය පොලීසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලීසිය එක්ව අද (25) උදැසන සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැකසහිත පාර්සලය පරීක්ෂා කර බැලීමේදි ඒ තුළ ඩෙටිනේටර් 198ක් තිබු බව නුවරඑලිය පොලිසිය ප්‍රකාශ කර ඇත.
නුවරඑලිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන නිසා කිසියම් අයෙකු විසින් මෙම ඩෙටනේටර් තොගය ඇළ මාර්ගය වෙත ගෙනවිත් දමන්නට ඇති බව පොලීසිය සැක පල කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලීසිය සහ යුධ හමුදාව විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.