මාවනැල්ල නගරයේ ඇති වෙළෙඳසැල් විශාල ප්රමාණයකින් සමන්විත තට්ටු ගොඩනැඟිල්ලක ඉහළ මහලේ හට ගත් ගින්නක් පැතිර යෑමට පෙර මාවනැල්ල ප්රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකය විසින් නිවා දැමිමට ඊයේ(28)රාත්රියේ දී සමත් වී තිබෙන බවට වාර්තා වෙයි.
මෙම ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ අමතර පන්ති පැවැත්වෙන බවත් ගින්න එම ස්ථානයෙන් හට ගෙන පැතිර ගොස් ඇත.
ගින්න කුමක් නිසා හට ගත්තාද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නැත.
මේ දිනවල පවතින රටේ වතාවරණය සමඟ ගින්න හට ගැනිමෙන් පසුව ආරක්ෂක අංශ වහාම ක්රියාත්මක වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.