වවුනියාවේදී පිපිරීම් සම්බන්යෙන් අටක් සැකපිට අල්ලයි

Share

වවුනියාව ප්‍රදේශයේදී අන්තවාදී සිදුවීම්වලට සම්බන්ධ යැයි සැකපිට පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිස් හා යුද හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරු මත වව්නියාව නගරයේදී එලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ව්‍යාපාරිකයින් ලෙස පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News