රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ අද ඇරඹේ

Share

රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයක් ඉලක්ක කරගනිමින් අද(03) ආරම්භ වන අතර මෙම ජාතික වැඩසටහන 08 වැනි දින දක්වා පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රට වෙනුවෙන් එකට සිටිමු දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන් මලාව ක්‍රියාත්මක කරයි.

මෙම වැඩසටහන යටතේ වකුගඩු රෝග නිවාරණයට අදාළ විශේෂ සංවර්ධන වැඩසටහන් රැසක් සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more

Local News