පොසොන් උත්සවය ඉහළින් සමරන්න රජයේ පූර්ණ අනුග්‍රහය – අගමැති

Share

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(05) අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

අග්‍රාමාත්‍යවරයා පැවසූයේ දිවයිනේ සියලු පාළාත්වල පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීම සඳහා සියලු සැලසුම් දියත් කර ඇති බවයි.

අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන පොසොන් උත්සව කටයුතු සඳහා ලක්ෂ, දහයකට අධික බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් සියලු පහසුකම් සංවිධානය කර ඇති බවද මේ සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කිරීමට නියමිතව තිබූ තොරන් ගණනාවක් එවක පැවති ආරක්ෂක තත්ත්වය මත ප්‍රර්ශනය නොකෙරුණ ද, ඒ සියල්ලම පාහේ පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලීමට පොලීසිය ඇතුළු ආරක්ෂවක අංශ කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News