හෝකන්දරට පැය 24ක් වතුර නෑ

Share

හෝකන්දර ප්‍රදේශයට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද(08) උදෑසන 09.00 සිට හෙට(09) උදෑසන 09.00 දක්වා කාලය තුළ අදාල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ.

එම කාලය තුළ කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා ඇත.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභ බලප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව යන නගරවලටත් අදාල කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

එමෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ සදහාත්, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස වලටත් අදාල කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.

Read more

Local News