කඳානේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

කඳාන වීදි මාවත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් අතරතුර ඇති වු ගැටුමකදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, ගැටුමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News