සීදුව, මුලකලන්ගමුව ප්‍රදේශයේදී වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි 28 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සීදුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ඔහු අද(13) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සීදුව පොලිසිය සිදු කරයි.



