පන්නල ඉරබඩගම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක අද(14) අළුයම ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වෙයි.
කර්මාන්තශාලාවේ ගබඩා සංකීර්ණයේ හටගෙන ඇති ගින්න කාර්යයාල ගොඩනැගිල්ල සහ ඇදුම් මැසීමේ අංශය තෙක් පැතිර ගොස් ඇත.
ගින්න පැතිර යනු දුටු ආරක්ෂක අංශ නිලධාරියෙක් ඒ පිළිබඳව ගිනි නිවීම් අංශ වෙත දැනුම්දී තිබෙන අතර පසුව මීගමුව සහ කුරුණෑගල ගිනි නිවීම් අංශ නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.
මෙම කර්මාන්තශාලාවේ සේවකයින් 3000ක් පමණ රැකියාවේ නිරතව සිටින අතර ගින්න හටගත් අවස්තාවේදී එහි කිසිදු සේවකයෙක් සේවයේ නිරතව සිට නොමැත.



