Home දේශීය පුවත් වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට නව විනිසුරු මඬුල්ලක්

වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට නව විනිසුරු මඬුල්ලක්

0
වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට නව විනිසුරු මඬුල්ලක්

අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් නව විනිසුරු මඬුල්ලක් පත්කර ඇත.

එම පැමිණිල්ල අද(14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ ලැබුවේය.

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පත්කර ඇති බවයි.

එම විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ලබන 21 වනදා කැඳවන බවද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

එම පැමිණිල්ල විභාග කිරීම මුලින්ම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නම් කර තිබුණි.

එහෙත් ජනක් ද සිල්වා විනිසුරුවරයා සඳහන් කර සිටියේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

ඒ අනුව මෙම නඩු විභාගයට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම සඳහා අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

පුරවැසි බලය සංවිධානය කැදවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ 2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

ඒ තුළින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here