නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජ්‍ය ආයතනවල දුෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත අද(14) පෙරවරු 09.15ට පමණ පැමිණ ඇත.
මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළව පුජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාට එරෙහිව කොමිශන් සභාව වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස සිදුකළ දැනුම්දීමකට අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.



