මහරගම සහ කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට අද(26) පෙරවරු 09.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද පෙරවරු 09.00 සිට හෙට(27) පෙරවරු 09.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් අදාල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.
මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවයි.



