හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි අත්අඩංගුවට

Share

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාලව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද(02) පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේවෙතත් ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරුණි.

Read more

Local News